2019 වසර තුල හෙරොයින් කිලෝ 520ක් හා පුද්ගලයින් 6651ක් අත්අඩංගුවට
2018 වසර තුළදී හෙරොයින් කිලෝ 732 හා ග්‍රෑම් 129ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් හෙරොයින් සමග සැකකරුවන් හතළිස්දහස් නවසිය අනූඅට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
එමෙන්ම 2019 ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (24දා) වැනිදා උදෑසන දක්වා කාලය වනවිට හෙරොයින් කිලෝ 520 හා ග්‍රෑම් 762 අත්අඩංගුවට ගෙන තිබෙන බව හා එම හෙරොයින් සමග සැකකරුවන් හයදහස් හයසිය පනස් එක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව ඔහු සඳහන් කළේය.