2019 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද
2019 වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද සිදුකෙරෙනවා.
එහි ජාතික උත්සවය ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතයි.
ප්‍රාථමික අංශ ක්‍රියාත්මක රජයේ පාසල් 9193ක් සඳහා සෑම වසරකම පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ හතලිස් දහසකට ආසන්නයි.
එම දරුවන්ගේ ගුණාත්මක අධ්‍යාපන අවස්ථා සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.
මේ අතර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.එම්. රත්නායක මහතා ප්‍රකාශ කළේ, පළමු ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා සෑම සිසුවෙකුට ම පාසලක් ලබා දීමට පියවර ගෙන අති බවයි.
යම් හෙයකින් පාසලක් නොලැබුණු දරුවෙකු වෙත්නම්, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා හමුවී දරුවාට ඇතුළත් වීමට පාසලක් ලබාගත හැකි බව ඔහු දෙමාපියන්ට දැනුම්දෙයි.