Update : නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි
නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
පෙරවරු 10.00 ට පමණ ආරම්භ වුන කැබිනට් රැස්වීම පැයක පමණ කාලයක් පැවැත් වුණා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සෙසු සියළු අමාත්‍යවරුන් අද පැවති කැබිනට් රැස්වීම සඳහා සහභාගි වී තිබුණා.
මේ වන විට විදෙස්ගතව සිටින අමාත්‍යවරුන් කිහිපදෙනකු මෙම අවස්ථාවට සහභාගි වී සිටියේ නොමැති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
————————————————————————————————————————————-
2019 වසරේ ප්‍රථම කැබිනට් රැස්වීම අද
නව වසරේ පළමු කැබිනට් රැස්වීම අද (02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස්වන්නේ අද දිනයේදීයි.
පසුගිය 20 වැනිද නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් දිනයේදීම ඇමති මණ්ඩල රැස්වීම පැවැත් වුණා.