News

2020 ජනාධිපතිවරණය එජාපෙ වැඩි ජන්ද 50,000කින් ජයග්‍රහණය කරන

ඉදිරියේ දී පැවැත්වෙන 2020 ජනාධිපතිවරණය සඳහා එජාපෙ ජයග්‍රාහි අපේක්ෂකයන් රැසක් එක්ව විජයග්‍රාහි ගමනක් යන්නට හැකි බවත්,ඒ අනුව ජනාධිපතිවරණයේ දී එජාපෙ වැඩි ජන්ද 50,000කින් ජයග්‍රහණය කරන බව, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකි ජයවර්ධන මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ,දළදා මාළිගවේ දියවඩන නිලමේ තැම්පත් නිලංග දෑළ බණ්ඩාර මහතාගේ ඉල්ලීම පරිදි දළදා මාලිගාවට විශේෂ අවශ්‍යතාවයක් වු ජල ටැංකි ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක් වෙමිනි.

නගර සැලසුම්,ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන වැඩ බලන අමාත්‍යවරයා මෙසේ ද කීය. 2012 පසුව ලංකාවේ ජල ගාස්තු වැඩි නොකල බවත් ඉදිරියේ දි ජල ගාස්තු වැඩි කරන්නට යම් අවශ්‍යතාවයක් තියනවා කියලා ජනතාව සිතනවා. ජලසම්පාදන කටයුතු සඳහා විශාල ණය ආධාර ලබාගෙන තියනවා.ඒවාට ණය වලට පොලිය ගෙවන්න තියනවා.මේ නිසා යම් ජලගාස්තුවේ වැඩි කිරීමක් කළත් ජනතාව කළබල වන්නේ නෑ. මේවන විට රටේ සමහරු කියනවා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තුළ ඩෙණ්ඩර් ලබාදීමේ දී යම් අකටයුතු කම් සිදුව ඇති බව පවසනවා. නමුත් එහෙම දෙයක් සිදුව නැති බව කියන්න කැමැතිය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තුන්රෝද කුඩා පක්ෂ එක්ක ගිවිසුම් ගැහැවුට එජාප කිසිදු අභියෝගයක් නෑ.අපට දිනන්න හැකියි.ඒ විතරක් නොවෙයි.ඉදිරි මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද අප එක්ක එක්වෙනවා.

එතුමා අපට සහාය දක්වනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක්ද මෙම මේවන විට අප එජාප පෙරමුණට එක්වන්ට සුදානමින් සිටිනවා. එතුමා අපි එක්ක ආවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වැරදි නිසා මම විස්වාස කරනවා අපිත් එක්ක එතුමා එයි කියා අපිට විශාල සහයෝගයක් දෙනවා යැයි නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකි ජයවර්ධන මහතා පවසයි.
සජිත් පේමදාස නියෝජ්‍ය නායකයා විතරක් නොවෙයි. අපේ එජාප දැනට ඉදිරිපත්ව සිටින සියලුම නායකයන් ජනාධිපතිවරණයට සුදුසුයි.මෙම නායකයනගෙන් සුදුසු නායකයා ඉදිරිපත් කළාම ජනතාව සුදුසු නායකයා තෝරා ගන්නට තරම් බුද්ධිමත් ජනතාවක් තමයි ලංකාවේ ජන්දදායකය් යැයි ද ඒ මහතා කීය.