News

2020 අලුත් අවුරුදු චාරිත්‍ර ගැන රජයෙන් නිවේදනයක්

මෙම වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිබඳ රාජ්‍ය නැකත් කමිටුව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රදේශවලට නොවෙනස්ව භාවිතා කළ හැකි පරිදි නැකැත් චාරිත්‍ර සකස් කර තිබේ.

බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාං‍ශයේ ලේකම් එම්.කේ.බන්දුල ‍හරිස්චන්ද්‍ර මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.

නිවසේ සාමාජිකයින් සමඟ පමණක් නැකැත් චාරිත්‍ර සිදු කිරීමට සහ සරල ආහාර ද්‍රව්‍ය සකස් කර ගෙන චාරිත්‍ර ඉටු කිරීමටත් නිවසේ සිටම ආගමානුකූල කාර්යයන් ඉටු කරන ලෙසත් රජය දන්වා සිටියි.

 

අලුත් අවුරුදු චාරිත්‍ර

නව සඳ බැලීම –
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 26 වන ඉරිදා දින නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය – 

අප්‍රේල් මස 11 වන සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව- 
අප්‍රේල් මස 13 වන සඳුදා අපරභාග 08.23ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය – 
අප්‍රේල් මස 13 වැනි සඳුදා දින අපරභාග 1 පසුවී විනාඩි 59 සිට එදින රාත්‍රී 2 පසුවී විනාඩි 47 දක්වා යෙදී ඇත.

ආහාර පිසීම –
අප්‍රේල් මස 13 වැනි සඳුදා අපරභාග 10.05 ශ්වේත වර්ණ(සුදු) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරි මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද සහ අග්ගලා පිළියෙල කරනු මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය –

අප්‍රේල් මස 13 වන සඳුදා අපරභාග 10.43 ට ශ්වේත වර්ෂ වස්ත්‍රාභර‍ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභව කිරීම මැනවි.

හිසතෙල් ගෑම-

අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්වභාග 09.17 ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා හරිත වර්ණ වස්ත්‍රයෙන් සැරසී කොහොඹ පත් යුඹ මිශ්‍ර නානුද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටව යෑම-

අප්‍රේල් මස 17 වැනි සිකුරාදා පුර්වභාග 7.56 ට ලා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි තල සහ හකුරු මිශ්‍ර කිරිබත් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.

පැල සිටවීම  –

අප්‍රේල් මස 19 වැනි ඉරිදා පූර්වභාග 11.38 ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා පැල සිටුවීම මැනවි.