නවතම ප්‍රවෘත්ති

ශ්‍රී ලංකා නියෝජනයන් ද සහිතව පැරිස් ඔලිම්පික් ඇරඹේ

2024 පැරිස් ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී අද (ජූලි 26) ආරම්භ වනවා. මෙවර ගිම්හාන ඔලිම්පික් උළෙල ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන අතර එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10500 දෙනෙකු තරඟ ඉසව් 329ක් සඳහා තරඟ කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙක් සහභාගී වෙනවා. තරුෂි කරුණාරත්න මීටර් 800 කාන්තා ඉසව්වටත්, නදීශා දිල්ශානි ලේකම්ගේ හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වටත්, අරුණ දර්ශන මීටර් 400 පිරිමි ඉසව්වටත්, කයිල් අබේසිංහ හා ගංඟා සෙනෙවිරත්න පිහිණුම් ඉසව් සඳහාත් විරේන් නෙත්තසිංහ බැඩ්මින්ටන් ඉසව්ව සඳහාත් ඉදිරිපත් වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය තරග සඳහා සහභාගි වන වේලාවන් සහ දිනය

  • විරේන් නෙත්තසිංහ– බැඩ්මින්ටන් පිරිමි කේවල – ජුලි 27 – සවස 30
  • ගංගා සෙනෙවිරත්න– කාන්තා මීටර් 100 පසුපස ආර පිහිනුම් – ජුලි 28 – සවස 30
  • කයිල් අබේසිංහ– පිරිමි මීටර් 100 නිදහස් ආර – පිහිනුම් – ජුලි 30 – සවස 30
  • තරුෂි කරුණාරත්න– කාන්තා මීටර් 800 – අගෝස්තු 02 – රාත්‍රි 15
  • අරුණ දර්ශන –පිරිමි මීටර් 400 – අගෝස්තු 04 – රාත්‍රි 35
  • දිල්හානි ලේකම්ගේ– කාන්තා හෙල්ල විසිකිරීම – අගෝස්තු 07 – දහවල් 55

මූලාශ්‍රය: https://olympics.com/

සටහන: දිල්මිකා අත්තනායක