නවතම ප්‍රවෘත්ති

ලොවක් කඳුලේ ගිල් වූ තායි ගුරුවරියගේ වීරත්වය

තායිලන්තයේ පාසල් දරුවන් 22 දෙනෙකු සහ ගුරුවරුන් 3 දෙනෙකු සමඟ විනෝද චාරිකාවක ගමන් ගත් බස් රථයක් ගිනිගෙන පුපුරා යාමේ දී, කනොක්වාන් ශ්‍රි පොං ගුරුවරියගේ ජීවිතයද අහිමි විය.

මෙම ඛේදජනක අනතුර සිදුවූ අවස්ථාවේදී ඇය තම සිසුන් ගලවා ගැනීම සඳහා අවසන් හුස්ම තෙක් උත්සහ කර ඇත. ඇයගේ දේහය සොයා ගන්නා ලද්දේ, අතේ දරුවෙකු අල්ලාගෙන, දරුවාගේ සිරුර ආවරණය කරමින් සිටියදීය. ගින්නෙන් පසු, ඔවුන් දෙදෙනාම ජීවිතක්ෂයට පත් වූහ.

බස් රථය ගින්නෙන් බේරා ගැනීමට උත්සහ කල සහන කණ්ඩායම් පවසන පරිදි කනොක්වාන් ගුරුවරිය තම සිසුන් බේරා ගැනීම සඳහා කළ උත්සාහය පිළිබඳ මුලු ලොවක් මේ වන විට අනුවේදනීය වී ඇත . මෙම ඛේදජනක සිදුවීමෙන් ළමුන් 22 දෙනෙකු සහ ගුරුවරුන් 3 දෙනෙකුගේ ජීවිතය අහිමි විය.

කනොක්වාන් ගුරුවරිය පසුගිය සැප්තැම්බරයේ තම උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වූවා පමණි. ඇයගේ පරිත්‍යාගය සහ තම සිසුන් කෙරෙහි තිබූ සත්‍ය ආදරය, ලොව පුරා ගුරුවරුන්ට ගැඹුරු බලපෑමක් ඇති කරයි.

ලොවම ලෝක ළමා දිනය සහ ගුරු දිනය සමරන විට ඔවුන් සදහට ම මෙලොවින් සමු අරගෙන ගොස් හමාරය. .කනොක්වාන් ගුරුතුමියගේ ආත්මයට සහ මිය ගිය දරුවන් ඇතුලු ගුරුවරුවන් සැමට ධරණි අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු .