Health

සිර නොවූ සිතිවිලි තුල සුව පහසුව අත්විඳින NO BRA දිනය

 

බොහෝ කාන්තාවන්ට පියයුරු ඉවත් කිරීමේ ශල්‍යකර්මයකින් පසු ඔවුන්ගේ කෘතිම පියයුර රඳවා තබා ගැනීමට අවශ්‍ය බැවින් බ්‍රා එකක් නොමැතිව එදිනෙදා දිවි ගෙවීම කල නොහැකි තත්ත්වයකට ඔවුන් ව ඇද දමයි.

එය සංකේතවත් කරමින් ඔක්තෝබර් 13 දිනය No Bra day ලෙසින් ප්‍රකාශයට පත් කිරීම හරහා පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීමට සමාජයේ අවදානය ලබා ගැනීමට නිමිත්තක් ලෙස යොදා ගනී.

මීට අමතරව, ඔක්තෝබර් යනු පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වන අතර No Bra Day යනු හුදෙක් මතුපිටින් පෙනෙනා දෙයට එහා ගිය පියයුරු පිළිකා සඳහා කාන්තාවන් පමණක් නොව මුළු මහත් සමාජයම දැනුවත් කරනා එක් දිනයක් පමණි.

එසේ බලන කල NO BRA දිනයේ පිටුපස ඇත්තේ අනුවේදනීය කතාවකි.

අනෙක් සියළු දිනයන් තුලදී ඔබගේ මව බිරිඳ සොයුරිය මිතුරිය වෙනුවෙන් ඔබට ද වගකීමක් ඇති බව සිතන්න.

මන්ද නිරෝගී සම්පත තරමට වටිනා යමක් මෙලොව නැති බැව් වටහා ගැනීමට මේ ගෙවෙනා කාලය තරම් අන් කාලයක් නොමැත.

එබැවින්,
සියළු කාන්තාවන්ට NO BRA දිනයක් උදාවේවා..!