නවතම ප්‍රවෘත්ති

බොලිවුඩයේ මීමැසි රැජිණ ලෙස විරුදාවලි ලත් ප්‍රේමයේ අහිංසකාවීය රාණිමුඛර්ජී ගේ සිනමා දිවියට වසර 28 යි !

බොලිවුඩයේ මීමැසි රැජිණ ලෙස විරුදාවලි ලත්
ප්‍රේමයේ අහිංසකාවීය
රාණිමුඛර්ජී ගේ සිනමා දිවියට වසර 28 යි !

1978 උපත ලබන රාණි මුඛර්ජි ජනප්‍රිය සිනමාවට පිවිසෙන්නේ එක්තරා ජනප්‍රිය නිලියකගේ පුංචි මඟහැරීමක් නිසාය. ඇය ට්වින්කල් ඛන්නාය.1998 වසරේදි කරන් ජොහාර් කුච් කුච් හෝතාහේ චිත්‍රපටියේ තිර පිටපතේ ටීනා ගේ චරිතය නිර්මාණය කලේ ට්වින්කල් වෙනුවෙන්ය. එහෙත් අවාසනාවන්ත ලෙස ඇය එම චරිතය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඔහු පිළිවෙලින් රවීනා ලඟටත් ඇයගෙන් අනතුරුව රාණි වෙතටත් පැමිණියේය.

Saathiya (2002),Mujse Doshi karogi (2002),hum tum (2004), veer zaara (2004), bunty aur babli (2005) වැනි සිනමා නිර්මාණ හරහා yash raj චිත්‍රපට සමාගමේ නිත්‍ය නිලිය ලෙස ඈ කිරුලු පැළඳුවාය.

2000 දශකයේ මුල් භාගයේ හින්දි සිනමාවේ සිහින කුමරිය ඇයයි. Kabhi kushi kabhi gum(2001),kabhi Alvida na kehna (2006) වැනි අතිශය සාර්ථක නිර්මාණ හරහා ජනතාව අතරට රැගෙන යන්නේ කරන් ජෝහාර් ය . ඒ ඇයගේ වාණිජ සිනමාවයි.

ඈ තම සැඟවී තිබූ අසහාය රංගන කුසලතාවය මුල් වරට රිදී තිරයට ගෙන එන්නේ මනිරත්නම් ගේ “යූවා” සිනමා පටය හරහායි. ඒ අතරම සංජේ ලීලා බංසාලි ගේ black චිත්‍රපටය ඇගේ සිනමා ජීවිතයේ මෙතෙක් කල අග්‍රගන්‍යම රංගනයයි.

වාණිජ සිනමාවත් විචාරක සිනමාවත් එක ලෙස දිග්විජය කල ඈ වන් නිලියක් තවත් බොලිවුඩයේ නැති තරම් ය. 50 වැනි වියට ආසන්නව සිටියත් රාණී තවමත් ඉන්දීය නවක නිලියන්ට පවා ප්‍රබල අභියෝගයක් ය.