මගේ ලොකුම හීනය තමයි සිංදු කියන වෛද්‍යවරියක් වෙන එක අමීලියා විජේසූරිය
මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම ගායිකාව කවුද? ඒ ප්රශ්නය අපේ රටේ තරුණ
තරුණියන්ගෙන් ඇහුවොත් ඒ අයගෙන් බොහෝදෙනෙක්ගේ පිළිතුර වෙන්නේ
එකම නමක්. ඒ තමයි අමීලියා විජේසූරිය. තවත් විදියකට කිව්වොත් 'AVATAR'
සංගීත කණ්ඩායමේ නියාමක ගායිකාව. ඇය කොයිතරම් ජනප්‍රිය ද කිව්වොත්
ලංකාවේ කොතැන 'AVATAR' සංගීතවත් වෙන ප්‍රසංගයක් තිබුණත් අමීලියාව
බලන්න එන පිරිසක් වෙනම ඉන්නවා. ඒක ප්‍රසිද්ධ රහසක්. ඉතින් ඒ අසීමිත
ජනප්‍රියත්වය නිසාම මෙදා සැරේ අපිටත් අමිලීයා විජේසූරිය එක්ක ටිකක් කතා
කරන්න හිතුණා.
*මුලින්ම කියන්න, අමීලියාට වයස කීයද?
(සිනාසෙමින්) කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ මට තාම අවුරුදු 17යි.
*එතකොට එච්චර ලාබාල වයසක් තියාගෙනද 'AVATAR' කොල්ලෝ එක්ක
ප්‍රසංග වේදිකාව හොල්ලන්නේ?
ඔව් මං තාම පොඩි ළමයෙක්. ලබන අවුරුද්දේ උසස්පෙළ විභාගය ලියන්න
තියෙන්නේ. බයෝවලින් තමා උසස්පෙළ කරන්නේ.
*ඒ කියන්නේ අමීලියා අනාගතයේදි සිංදු කියන වෛද්‍යවරියක් වෙන්නද
යන්නේ?
(සිනාසෙමින්) ඔව් ඒක තමයි මගේ ලොකුම හීනය වෙන්නේ. ඉතින් සංගීත
කටයුතුයි අධ්‍යාපන කටයුතුයි සමබරව කරගෙන යනවා.
*මේ ටිකේ ප්‍රසංග වේදිකාව පැත්තේ මොකද වෙන්නේ?
මේ දවස්වල නම් දිගටම සංගීත ප්‍රසංග තියෙනවා. 'AVATAR' සංගීත කණ්ඩායම
එක්ක ඒවාට සහභාගි වෙනවා. ඒ නිසා ටිකක් කාර්යබහුලයි.
*අමීලියාට සංගීත ක්ෂේත්රයට එන්න හිතුණේ මොකද?
මං මුලින් කළේ නර්තනය. පස්සේ තමයි ගායනයට යොමුවුණේ. පුංචි කාලේ
ඉඳන් මං ගායනයට දක්ෂයි. ඒ නිසා කවදාහරි ලංකාවම දන්න කියන ජනප්‍රිය
ගායිකාවක් වෙන්න හීනයක් තිබුණා.
*මේ වෙනකොට ඔබ ඒ හීනය සැබෑ කරගෙන ඉවරයි. සතුටුද?
ඇත්තටම ගොඩාක් සතුටුයි. ඒ හීනයට යන්න ලොකුම සහයෝගය දුන්නේ
'AVATAR' සංගීත කණ්ඩායම. ඉතින් ඒ වෙනුවෙන් චතුරංග විතානගේ ඇතුළු
සංගීත කණ්ඩායමේ සියලු සාමාජිකයින්ට ස්තුතියි කියලා කියනවා.
*අමීලියා තමයි සංගීත කණ්ඩායමේ එකම කාන්තා නියෝජනය?
ඔව් කොල්ලෝ ගොඩක් මැද ඉන්න තනි කෙල්ල. ඒත් ප්‍රශ්නයක් නෑ. හැමෝම මට
සළකන්නේ සහෝදරියකට වගේ. ඒ නිසා ඔවුන් එක්ක වැඩ කරන එකත් පහසුයි.
*ඔබේ ගායන විලාශය ආකර්ෂණීය එකක්. ඒ ගැන යමක් කිව්වොත්?
ඔව් ගීතයේ හැඩය අනුව මම වේදිකාව උඩ හුඟාක් දේවල් කරනවා. ඒ එක්කයි
ඔය ආකර්ෂණය මතුවෙන්නේ. ගොඩාක් අය ඒකට කැමතියි.
*ඔය ජනප්‍රියත්වය එක්ක මේ ටිකේ පාරේ බැහැලා යන්න එහෙම පුළුවන්ද?
(සිනාසෙමින්) මේ දවස්වල නම් කොහේ ගියත් සෙල්ෆියක් ශුවර්.
*ප්‍රසංග වේදිකාවේ අමතක නොවන දවස් එහෙම තිබිලා නැද්ද?
ගිය මාසේ කොළඹ එයාර්ෆෝස් ග්‍රවුන්ඩ් එකේ ප්‍රසංගයක් තිබුණා. එදා මම මගේ
කොටස අවසන් කරලා ස්ටේජ් එකෙන් බහිද්දිම ග්‍රවුන්ඩ් එකේ හිටපු අයගෙන්
බාගයක් විතර කඩාගෙන බිඳගෙන මං ගාවට ආවා. ඇවිත් සෙල්ෆි ගැහුවා. අන්න
එදා තමයි මං දැනගත්තේ මං කොච්චර ජනප්‍රියද, මිනිස්සු මට කොච්චර ආදරේද
කියලා. ඒ දවස අමතක වෙන්නේ නෑ.
*දැනට ප්‍රසංග වේදිකාව උඩදි රෝස මල් කීයක් විතර ලැබිලා තියෙනවද?
(සිනාසෙමින්) රෝස මල් නම් සෑහෙන්න ලැබිලා තියෙනවා.
*ඒ අතරින් විශේෂ අයගෙන් එහෙම රෝස මල් ලැබිලා නැද්ද?
ඔය අහන්නේ ආදරේ ගැනනේ නේද? ඒ ගැන මං මෙහෙම කියන්නම්. මට මගේ
පවුලෙන් ලොකු ආදරයක් ලැබෙනවා. ඒ ලැබෙන ආදරේ මට ඇති.
*ඔබේ පවුලේ වෙන ඉන්නේ කවුද?
අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි තමයි.
*ඒ අයගෙන් ඔබගේ සංගීත ගමනට ලැබෙන සහාය ගැන කිව්වොත්?
මේ වෙලාවේ අම්මයි තාත්තයි ගැන මං කියන්නම ඕන. අම්මා තමයි මගේ ළඟ
ඉඳන් හැමදේම හොයලා බලන්නේ. ඒත් එක්කම තාත්තා තමයි මං ප්‍රසංගවලට
එක්ක යන්නේ. එයාලටත් මම අද ඉන්න තැන ගැන හරිම සතුටුයි.
*දැන් ගොඩාක් අය බලාගන ඉන්නේ අමීලියාගේම ගීතයක් අහන්න. ඉතින් ඒ
දවස ළඟයිද?
ඔව් ඔව් ළඟයි. මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් මගේ ගීතයක් එළිදක්වනවා.
රුවන් එස්.සෙනවිරත්න