කාට හරි මාව ඒ විදියට පේනවා නම් කොච්චර දෙයක්ද? ශේෂාද්‍රි ප්‍රියසාද්
මීට අවුරුදු 13කට කලින්, එනම් 2011 අවුරුද්දේ තිරගත වුණු උදයකාන්ත වර්ණසූරියගේ
‘චැලෙන්ජර්ස්’ චිත්‍රපටය හරහා කලා ක්ෂේත්‍රයට පැමිණි නිළියක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද්. ඇය
තමයි ප්‍රියසාද් පවුලේ දෙවැනියා. කාලෙන් කාලෙට ඇය පුංචි තිරයේ වගේම රිදී තිරයේ නිර්මාණ
හරහා දකින්නට ලැබුණත් මෑත කාලයේ ඇය අපිට දකින්න ලැබුණේ අඩුවෙන්. ඒත් මේ දවස්වල එක්තරා
ගීතයක් නිසා ඇය ගැන ආයෙත් කතා කරන්න අරන්. ඉතින් ඒ ගීතය ගැන සහ ඇයගේ අලුත්ම කලා කටයුතු
ගැන අහලා බලන්න මෙවර අපි ශේෂාද්‍රි ප්‍රියසාද්ට කතා කළා.
*ඉතින් ශේෂාද්‍රි මේ දවස්වල රංගන කටයුතු එහෙම කොහොමද?
මේ දවස්වල නම් මගේ නිර්මාණ මුකුත් විකාශනය වෙන්නේ නෑ. ඒත් ළඟදිම මං පුංචිතිරයෙන් ආයෙමත්
දැකබලා ගන්න පුළුවන්. මොකද මං රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍යයක් එන්න තියෙනවා. හැබැයි
මේ දවස්වල මම ඉන්න මියුසික් වීඩියෝ එකක් නම් සෑහෙන්න ජනප්‍රියයි.
*ඔය කියන්නේ අනූ තෝරදෙණියගේ ‘Zero To Hero’ ගීතය ගැන වෙන්න
ඇති?
ඔව් ‘Zero To Hero’ නැත්නම් ‘දෙනකොට දෙනවා දෙයියෝ’ කියන ගීතය ගැන මම කිව්වේ. ඒක පද
රචනය කළේ අන්සාෆ් අමීර්. සංගීතය අශාන් ප්‍රනාන්දුගේ. ගීතය ගායනා කරන්නේ අනූ
තෝරදෙණිය. මට මියුසික් වීඩියෝ එකට කතා කළේ ඒක අධ්‍යක්ෂණය කරපු චාරුක දුෂ්‍යන්ත. ඒක
ටිකක් චිල් එකේ යන සිංදුවක් හින්දා මම කැමති වුණා.
*ඒ මියුසික් විඩීයෝ එකේ ශේෂාද්‍රිගේ නර්තනයත් සෑහෙන්න ප්‍රසිද්ධ වෙලා?
(සිනාසෙමින්) ඔව් ඔව් සෑහෙන ප්‍රතිචාර තියෙනවා. ඒ ගැන සතුටුයි.
*ඔබේ පෙනුමත් බොලිවුඩ් නිළියකට සමානයි කියලා ප්‍රතිචාර දක්වලා
තිබුණා අපි දැක්කා?
(සිනාසෙමින්) මමත් දැක්කා. මාව ඉතින් කාට හරි එහෙම පේනවා නම් කොච්චර දෙයක්ද නේද? ඒක
ගැනත් හරි සතුටුයි.
*ශේෂාද්‍රි හොඳටම නර්තනය හදාරලා තියෙන පාටයි?
අනේ නෑ. පාසල් කාලේ නර්තනය කළාට පස්සේ වැඩිදුර නර්තනය හදාරලා නෑ. ඒ වුණාට නටන්න
ආසයි.
*රංගනය පැත්තට හැරුනොත් දැන් රඟපාන්න පටන් අරන් අවුරුදු කීයක්ද?
මම මුලින්ම රඟපෑවේ 2011 අවුරුද්දේ තිරගත කරපු උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ‘චැලෙන්ජර්ස්’
චිත්‍රපටයේ. ඒ කියන්නේ මේ වෙද්දි රඟපාන්න අරගන අවුරුදු 13ක් වෙනවා.
*එහෙනම් අමතක නොවෙන සිදුවීම් එහෙම ඕනතරම් වෙලා ඇති?
(සිනාසෙමින්) සමීර වක්වැල්ලගේ ‘සූම්’ (ZOOM) කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකට හිටියේ
මමයි අක්කා දිනක්ෂියි. ඒ චිත්‍රපටය තිරගත වුණේ 2016දි. ඉතින් ඒ චිත්‍රපටයේ තියනවා අක්කා
හොල්මනක් වෙන දර්ශනයක්. ඒ කාලේ අක්කයි මායි ගෙදර හිටියේ එකම කාමරේ. ඉතින් මට අර
සිද්ධියත් එක්ක අක්කව දකිද්දි හිත ගැස්සිලා ගිය වෙලාවල් තිබුණා. කාලයත් එක්ක ඒක හරි ගියා.
*අක්කගේ ගැන මතක් කරපු හින්දා ඇය ගැන සහ නැගණිය ශනුද්‍රි ප්‍රියසාද්
ගැනත් ඔබට හිතෙන දේ දැනගන්න අපි කැමතියි?
දිනක්ෂි අක්කා ගැන කිව්වොත් එයා මේ වෙද්දි නිළියක් විදියට එන්න පුළුවන් උපරිම දුර ඇවිත්
තියෙනවා. එයා ඉන්න තැන ගැන මට හරි සතුටුයි. අපේ නංගිත් එයාගේ පුංචි වයසට ලොකු දුරක්
ඇවිත් තියෙනවා. එයාට නම් සිංදු කියන්නත් පුළුවන්නේ. මට ඒ දෙන්නම ගැන ගොඩක් සතුටුයි ඒ වගේම
ආඩම්බරයි.
*ඒ දෙන්නත් එක්ක බලද්දි ශේෂාද්‍රිව සිනමාවටම කොටුවෙලාද කියලා
හිතෙනවා?
එහෙම කොටුවෙලා නෑ. ඒත් මං හුඟාක් රඟපෑවේ චිත්‍රපටවල. ඒ නිසයි ඒ විදියට පේනවා ඇත්තේ.
කොහොමත් මං ආසම සිනමාවට තමයි.
*ඔබේ පවුලම කලා පවුලක්. පවුලට එකතුවෙන අයත් කලාකරුවෝ. ඒ
ගැන මොකද හිතෙන්නේ?
ඒක දෙවියන්ගේ කැමැත්තට සිද්ධවෙන දෙයක් කියලයි මට හිතෙන්නේ. හැබැයි සතුටුයි. අපිත් කලාවේ
ඉන්න නිසා අපිව හොඳටම තේරුම්ගන්න පුළුවන් කලාව එක්ක ඉන්න අයට. ඒ තේරුම්ගැනීම තුළ
ජීවත්වෙන්න ලේසියි.
*පවුල් ජීවිතේ ගැනත් ටිකක් කියමු නේද? දැන් දුව එහෙම ලොකු ඇති?
පවුල් ජීවිතෙත් වරදක් නෑ. දැන් දුව නම් ටිකක් ලොකුයි. එයාට දැන් අවුරුදු දෙක හමාරක් වෙනවා.
*අම්මා රඟපාන ඒවා දුව බලන්නේ එහෙම නැද්ද?
මොකද නැත්තේ බලනවා. මේ දවස්වල මං ඉන්න අලුත් මියුසික් වීඩියෝ එකත් දුව දැන් සෑහෙන
වතාවක්ම බලලා ඇති.
*ඔබේ දුවත් අම්මගේ පාරේ ගිහින් කලාවට ආවොත්?
එයා නටන්න දක්ෂයි. අපි හිටපු ගමන් දුවගෙන් අහනවා ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියලා.
එයා කියන්නේ ඩාන්සර් කෙනෙක් වෙනවා කියලා. දුව අනාගතේ මොන ක්ෂේත්‍රය තෝරගෙන
ඉදිරියට ගියත් මමවත් සැමියාවත් කිසි බලපෑමක් කරන්නේ නෑ. එයා කැමතිම පාරේ එයා යයි. අපි ඒ
වෙනුවෙන් එයාට මගපෙන්වන එක විතරක් කරනවා. හිර කරලා දරුවෙක්ව හදලා තේරුමක් නෑ.
*ශේෂාද්‍රි දැක්ක දවසේ ඉඳන්ම එකම පෙනුම. වයසට යන්නෙම නැද්ද?
(සිනාසෙමින්) හුඟාක් අය කියනවා මම තාමත් ඉස්සර වගේමයි කියලා. එහෙම අහන්න ලැබෙන එක
සතුටක්. ඇත්තම කතාව මම පෙනුම ගැන ගොඩාක් දුරට සැළකිලිමත් වෙනවා. ඒක හින්දා වෙන්න ඇති
මාව ඉස්සර වගේ තාමත් පේන්නේ.
රුවන් එස්.සෙනවිරත්න