“ධරණී පත්තරෙන් නත්තල්” හලාවතට
ධරණි පුවත්පත මගින් සත්ධරණි ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ සංවිධානය කල “ධරණී පත්තරෙන් නත්තල්” ප්‍රජා සත්කාරක වැඩසටහන හලාවත රදගුරු මැදුරේදී පසුගිය දා පැවැත්විණි.
හලාවත රදගුරු පදවියේ ජනතාවට බෙදාදීම සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ,පොත්පත් , පාසැල් උපකරණ ගරු දොන් විමල් සිරි ජයසූරිය හලාවත අගරදගුරුතුමන් වෙතට නිල වශයෙන් භාරදීම මෙහිදී සිදු කෙරිණි.
ඒ ධරණි පුවත්පතේ නිලධාරින් රැසකගේ සහභාගිත්වයෙනි.
මෙවර අසිරිමත් නත්තල වෙනුවෙන් ධරණි පුවත්පත සංවිධාන කරන “පත්තරෙන් නත්තල්” වැඩසටහන පැවැත්වුණේ හලාවත නගරය කේන්ද්‍ර කරගනිමිනි.
මෙහිදී ධරණි පුවත්පත් කණ්ඩායම පියතුමන්ලාගේ ආශිර්වාදයද හිමි විය.
ධරණි කණ්ඩායම විසින් පරිත්‍යාග කරනු ලැබූ මෙම වියළි සලාක ඉදිරියේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීමට මේවන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.