මං කවදාවත් දුවට පේන්න දුකෙන් ඉන්නේ නෑ – දිනුෂා සිරිවර්ධන ආරාධ්‍යා ශායිණි
‘ගතින් මා ඔබ… දෙතැනකට කර
කාලයේ ගඟ ගලාවී…
අපේ මතකය… දෑල බිඳගෙන
රිදුම් දී රැළි නගාවී…
සිතින් මිදෙනා… සුසුම් දවනා
සිහිනයේ හුදකලාවී…
සිනාසෙන නෙතු… එදා වගේමයි
මගේ සිත මට කියාවී…
ආදර නෙතූ… නෙතූ…
නෙතූ… ආදර නෙතූ…//’
ඔය ඉහළින් කියපු ගීතය තිබුණේ හරියටම මීට අවුරුදු හතකට කලින් ස්වාධීන රූපවාහිනියේ විකාශය
වුණු ‘නෙතූ’ කියන ටෙලිනාට්‍යයේ. එහි තේමා ගීතය වුණේ ඔය ගීතය. කොහොමහරි ශාන්ත සොයිසාගේ
අධ්‍යක්ෂණයෙන් සහ මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ තිර රචනයෙන් හැඩවුණු ඒ ටෙලිනාට්‍යය
පුංචිතිරයේ අතිශය ජනප්‍රිය වුණා. ඔබට මතකද දන්නෑ, ඒ වෙනකොට පුංචිතිරය ආක්‍රමණය කරලා
තිබුණේ ඉන්දියානු සහ කොරියානු ටෙලිනාට්‍යය. හැබැයි ඒ ටෙලිනාට්‍යය පරයමින් ඉහළ ප්‍රේක්ෂක
ආකර්ෂණයක් නෙතූට හිමිවුණා. ඒකට ලොකුම හේතුව වුණේ ටෙලිනාට්‍යයේ ‘නෙතූ’ විදියට ප්‍රධාන
චරිතයට රඟපෑ සුන්දර සිනහවකට හිමිකම් කී හැඩකාර යුවතිය. ඒ දිනූෂා සිරිවර්ධන. ඇයට තමයි මෙවර
‘ධරණී’ විශේෂ නත්තල් කවරය සරසන්න අපි ආරාධනා කළේ. හැබැයි ඒ තනියම නෙවෙයි ඇයගේ සිඟිති
දියණිය ආරාධ්‍යා ශායිණි එක්ක.
“ඉතින් දිනූෂා සුබ නත්තලක් වේවා.”
“ධරණී ඔයාලටත් එසේම වේවා.”
හැමදේටම කලින් දිනූෂාගෙන් අපි ඇහුවේ මෙදා පාර නත්තල් කොහොමද ජය ද කියලා.
“මං බෞද්ධ. ඒ නිසා නත්තල් සැමරීමක් නම් කරන්නේ නෑ. ඒත් නත්තල්
කිව්වම පුංචි කාලේ ඉඳන් හිතේ ඒ ගැන හැඟීම තියෙනවා. ඒක නිසා නත්තල්
ඉවෙන්ට්ස්, ෆොටෝ ශූට්ස්, රූපවාහිනී වැඩසටහන් වගේ දේවල්වලට සහභාගි
වෙනවා. මට නත්තල් නැති වුණත් නත්තල් සමරන හැමෝටම මේ ලබන්නා වූ
නත්තල සුබ නත්තලක් වෙන්න කියලත් මං ප්‍රාර්ථනා කරන්න කැමතියි.”
නත්තල් සමරන ලෝකවාසී සියලු දෙනාටම මෙවර නත්තල සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු දිනූෂා
‘ධරණී’ අපේ කතාබහට මුලපිරුවේ අවුරුදු කීපයක්ම ආපස්සට ගිහිල්ලා. ඒ 2009 අවුරුද්දෙන්.
“මට 2009 අවුරුද්දේ වෙළඳ දැන්වීමකට පෙනී ඉන්න ලැබුණා. ඒකෙන් පස්සේ
මට ෆොටෝ ශූට්ස්වලට ආරාධනා ලැබුණා. ඒ දේවල් කරමින් ඉන්නකොට
තමයි මට රංගන ක්ෂේත්‍රයට එන්නත් අවස්ථාවක් උදාවුණේ. ඒ 2017
අවුරුද්දේ.”
දිනූෂාගේ පළමු ටෙලිනාට්‍යය වුණේ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ ‘නෙතූ’ ටෙලිනාට්‍යය. ඒ
ටෙලිනාට්‍යයේ ‘නෙතූ’ කියන ප්‍රධාන නිළියගේ චරිතයට තමයි ඒ විදියට රංගනයෙන් දායකවුණේ.
“නෙතූ කියන්නේ මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය කිව්වොත් හරි.
මුලින්ම හිතුවේ නෑ මගේ චරිතේ එච්චර ජනප්‍රිය වෙයි කියලා. ඒත් එහෙම
වුණා. කොච්චර ජනප්‍රිය වුණාද කිව්වොත් තවමත් ඒකට ප්‍රතිචාර ලැබෙනවා.”
*ඒ කියන්නේ අදටත් ඔබට නෙතූ කියලා කතා කරන ප්‍රේක්ෂකයෝ ඉන්නවද?
“මං මොන නිර්මාණයේ හිටියත් අදටත් ප්‍රේක්ෂකයින්ට මතක මම රඟපෑ
නෙතූ කියන චරිතය. ඒ ටෙලිනාට්‍යය අවසන් වෙලා මේ වෙනකොට ලොකු
කාලයක් වුණත් දැනටත් මට නෙතූ කියලා කතා කරන අය ඉන්නවා. ඒකෙන්
මං තේරුම්ගත්ත දේ තමයි අදටත් මට තරමටම නෙතූටත් ගොඩක් අය
ආදරෙයි කියලා.”
වෙළඳ දැන්වීම් සහ ෆොටෝ ශූට්ස් කළත් දිනූෂා මුලින් රංගන ක්ෂේත්‍රයට එන්න අදිමදි කළාලු. කොටින්ම
ඇයගේ ජීවිතය වෙනස් කරපු නෙතූගේ චරිතය කරන්න පවා ඇය මුලින් අකමැති වෙලා.
“මම පුංචි කාලේ ෆොටෝ එකකටවත් ඉන්නේ නෑ ලැජ්ජයි. ඒක පොඩ්ඩක් හරි
නැතිවුණේ වෙළඳ දැන්වීම්, ෆොටෝ ශූට් කළාට පස්සේ. ඒවටත් මං
කැමැත්තෙන් ගියේ නෑ. මට තව අක්කලා දෙන්නෙක් ඉන්නවා. එයාලා තමයි
මාව බලෙන්ම වගේ ඒවට යොමුකළේ. කොහොමහරි නෙතූ ටෙලිනාට්‍යයට
කතා කළාම මුලින් මං බෑ කිව්වා. මගේ බෝයිෆ්‍රෙන්ඩ් (දැන් හස්බන්ඩ්) තමයි
කිව්වේ ගිහින් බලන්න කියලා. අන්තිමේට මගේ රංගන ජීවිතේ හැරවුම්
ලක්ෂය වුණෙත් නෙතූ. නිකමට හරි එදා මං ඒ අවස්ථාව නොගත්තා නම්
සමහරවිට අද මං මෙතැන නෑ.”
ඇගේ මොකක්ම හරි වාසනාවකට ඒ අවස්ථාව ගත්තු නිසාම අන්තිමේදි දිනූෂා නැවතුනේ රටේ ජනප්‍රිය
නිළියක් බවට පත්වෙලා. ඒ එක්ක රංගන ජීවිතේ අමතක නොවන සිදුවීම් එහෙම නැද්ද කියලත් අපි
දිනූෂාගෙන් අහලා බැලුවා.
“මට මියුසික් වීඩියෝ එකක රඟපාන්න ගිහින් තමයි හස්බන්ඩ් මුණගැහුනේ.
ඒ සිදුවීම අමතක වෙන්නේ නෑ. ඔහු තමයි අධ්‍යක්ෂවරයෙක් වන චාරුක
දුෂ්‍යන්ත.”
නොහිතපු මොහොතක අහම්බෙන් හමුවුණු මේ දෙදෙනගේ විවාහය සිද්ධවුණේ 2017 අවුරුද්දෙලු. ඉතින්
මේ වෙනකොට විවාහවෙලා අවුරුදු 7ක් ගිහින් තියෙන එකේ පවුල් ජීවිතය ගැනත් අපට අහලා බලන්න
හිතුණා.
“අද ඊයේ බැඳපු දෙන්නෙක් වගේ පවුල් ජීවිතේ සතුටෙන්, ආදරෙන් ගෙවාගෙන
යනවා. අපි දෙන්නා වැඩ කරන්නේ එකම ක්ෂේත්‍රයේ නිසා ප්‍රශ්න ඇතිවන
අවස්ථා හරි අඩුයි. මොකද අවබෝධය, තේරුම්ගැනීම උපරිමයෙන් අපේ පවුල
ඇතුළේ තියෙනවා.”
පසුගිය කාලය පුරාවටම අපි දැකපු දෙයක් තමයි විවාහයත් එක්ක රංගන ජීවිතේට සමුදුන් නිළියෝ.
දිනූෂා එහෙම සමුනොගත්තත් විවාහයත් එක්ක ඇය රංගනයෙන් දුරස් වූ බවක් අපිට දකින්න ලැබුණා.
“විවාහයෙන් පස්සේ මම රඟපෑවා. මම රඟපෑමෙන් දුරස්වුණේ දුව ලැබුණට
පස්සේ. දුවගේ වැඩත් එක්ක නිර්මාණ බාරගත්තේ නෑ. හැබැයි වෙළඳ දැන්වීම්
සහ ෆොටෝ ශූට්වල නම් පෙනී හිටියා.”
*මේ වෙනකොට දිනූෂා ෆොටෝ ශූට්ස් කීයකට විතර පෙනී ඉඳලා තියනවද?
“ගණන් කරලා නෑ. මම හිතන්නේ දාහට වැඩි මිසක් අඩු නෑ. එයිනුත්
වැඩියෙන්ම කළේ බ්‍රයිඩල් ශූට්ස්.”
මීට ටික කාලෙකට කලින් දිනූෂා යූටියුබ් නාලිකාවකුත් ආරම්භ කරලා තිබුණා. ඒ ගැනත් අහලා බැලුවේ ඒක
තරමක වෙනස් හැඩයක් ගත්තු යූටියුබ් නාලිකාවක් නිසා.
“මම දුවත් එක්ක එක එක කෑම හදන වීඩියෝස් තමයි ඒකට දාන්නේ.
පළවැනි එකේ ඉඳන්ම ඒකට සෑහෙන්න ප්‍රතිචාර ලැබුණා. මේ වෙද්දි ඒ වටා
ලොකු පිරිසක් එකතුවෙලා ඉන්නවා. හස්බන්ඩ් තමයි ඉතින් ඒ හැමදේම
පිටිපස්සෙන් ඉන්නේ.”
දිනූෂාගේ දුව ආරාධ්‍යා ශායිණිගේ වයස අවුරුදු හතරහමාරයිලු. ඉතින් දුව එක්ක ගෙවන ජීවිතේ ගැනයි
ඇයගෙන් අපි ඊළඟට අහලා බැලුවේ.
“අම්මෙකුට දුවක් කියන්නේ වචනයෙන් කියන්න බැරිතරම් වගකීමක්. මම දුව
ලැබුණත් හරි කිසිම නිර්මාණයක් බාරගත්තේ නෑ. ඒ විදියට රඟපෑමෙන් දුරස්
වෙලා ඉන්නේ දුවට වැඩිපුර අවධානය යොමුකරන්න ඕනෙ නිසා. සමහරෙක්ට
හිතෙන්න පුළුවන් මං රඟපාන එකෙන් ඈත්වුණු එක අපරාධයක් කියලා. ඒත්
මං එහෙම හිතන්නේ නෑ. දුව වෙනුවෙන් ඊට වඩා දෙයක් වුණත් මට කරන්න
පුළුවන්.”
මොන වැඩෙත් එක්ක කාර්යබහුල වුණත් දිනූෂාගේ ජීවිතෙන් වැඩි කාලයක් ගෙවෙන්නේ දියණිය එක්ක
කියලයි ඇය ‘ධරණී’ට කිව්වේ.
“කිව්වත් වගේ මේ වෙද්දි මගේ ජීවිතේ වැඩි හරියක් ගෙවිලා යන්නේ දුව
එක්ක තමයි. මං හිතනවා දුවට යමක්කමක් තේරෙනකල් අම්මෙක් දුව ළඟින්
ඉන්න ඕන කියලා. මං එළියට ගියත් දුව එක්ක තමයි යන්නේ. අනික තමා මං
කවදාවත් දුවට පේන්න දුකෙන් ඉන්නේ නෑ. මොන ප්‍රශ්නේ තිබුණත් එයා
ඉස්සරහා හොඳට හිනාවෙලා ඉන්නවා.”
*දුවත් අම්මා ගිය පාරෙම ගියොත් දිනූෂා කැමතිද?
“දවසක එයත් කලා අංශයෙන් ඉදිරියට යනවා නම් මං කැමතියි. මේ වෙද්දිත්
යූටියුබ් වීඩියෝස් කරලම එයත් හොඳට රඟපානවා. මටත් වඩා හොඳට
එයාට ඩයලොග්ස් එහෙම කටපාඩම්. නිකන් හරි දුවට මගේ පාරේ යන්න
හිතුණොත් අපි එයාට කිසිම බලපෑමක් නොකර හරි පාර පෙන්නනවා.
දෙමව්පියෝ විදියට අපි දරුවන්ගේ සතුට ගැනත් හිතන්න ඕනෙ කියන එකයි
මගේ නම් අදහස.”
දිනූෂා මේ වෙනකොට දියණියගේ නමින් ෆේස්බුක් ගිණුමක් පවත්වගෙන යනවා. දැන් එහි පරිශීලකයිනුත්
දහස් ගණනක් ඉන්නවා. ඇය එහෙම දෙයක් කළේ ආරාධ්‍යා අනාගතේ කලාවට එයි කියලා හිතලද? මේ
දිනූෂා ඒකට දුන්නු උත්තරේ.
“අනේ නෑ. මට ඕනෙ වුණා දුවගේ මතක එකතු කරන්න. එහෙම හිතලයි
දුවගේ නමින් පේජ් එකක් හැදුවේ. මාස දෙකේ ඉඳන්ම එයාගේ ෆොටෝ ඒ
පේජ් එකේ තියෙනවා. දුව ලොකුවුණු කාලෙක ඒකට ගිහින් ඒ හැම
මතකයක්ම බලයි. බලලා අම්මා කරපු දේ ගැන සතුටුවෙයි. හැබැයි එහෙම
හිතලා පටන්ගත්තු පේජ් එක වටේ දැන් ලොකු පිරිසකුත් එකතුවෙලා
ඉන්නවා.”
ජනප්‍රිය චරිතවලට විවිධාකාර වූ විනෝදාංශ තිබුණත් දිනූෂාගේ කැමතිම විනෝදාංශය ට්‍රැවල් කරන
එකලු. ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් පැත්තේ ගියොත් ඒ වග කියවන ඔබටම බලන්න පුළුවන්.
“විවේකයක් ලැබුණම ට්‍රැවල් කරන්න මං කැමතියි. මේ වෙද්දි අපේ රටේ
ගොඩාක් තැන්වලට වගේම ඉතාලිය, සිංගප්පූරුව, ඩුබායි අබුඩාබි වගේ
රටවල් කීපයකම සංචාරය කරලා තියෙනවා. සොබාදහම එක්ක ගෙවන
ජීවිතේට මං පුදුම විදියට කැමතියි. දැන් වුණත් තුන්දෙනත් එක්කම කොහේ
හරි යන්න තියෙයි නම් ඊට වඩා දෙයක් නෑ.”
ඇගේ වචනවලින්ම ඔවුන් කොයිතරම් සතුටින් ඉන්න පවුලක්ද කියලා පැහැදිලිනේ. ඒ නිසාම පවුලක් ඇතුළේ
සතුට රඳා පවත්වගන්නේ කොහොමද කියන එක ගැනත් දිනූෂාගෙන් අහලා බලන්න හිතුණේ ඇගේ
පිළිතුරේ කාට වුණත් ගතයුත්තක් ඇති කියලා හිතිලා.
“පවුල් ජීවිතේ කියන්නේම විශ්වාසය, අවබෝධය සහ තේරුම්ගැනීමත් එක්ක
යන ගමනක්. කාට වුණත් එහෙම ඉන්න පුළුවන් නම් සතුටින් හිනාවෙලා
ඉන්න පුළුවන්. අද ගොඩාක් පවුල්වල ඒ සතුට නැත්තේ එහෙම බැඳීමක් නැති
නිසා. ඒත් එහෙම තියෙන්න ඕන. මොකද පවුලක සතුට කියන දේ දරුවන්ට
සෘජුව බලපාන දෙයක්. මං මුලින් කිව්වනේ මං දරුවගේ ඉස්සරහා නිතරම
වගේ සතුටින් ඉන්න උත්සාහ කරනවා කියලා. ඒත් මං එහෙම නෑ කියලා
දුවට තේරුනොත් අම්මි ඔයා පපාව හග් කරන්න, පපාව කිස් කරන්න කියලා
මට කියනවා. එයා වුණත් තේරුම් අරන් ඉන්නේ සතුට කොච්චර වටිනවාද,
ඒක එයාගේ සතුටට කොච්චර සුබවාදීව බලපෑම් කරනවද කියලා.”
සතුට තියෙන්නේ සල්ලිවල. අපේ අතරේ එහෙම කියන උදවියත් නැතුවම නෙවෙයි. ඇත්තටම මේ සල්ලියි
සතුටයි අතරේ සම්බන්ධයක් තියෙනවද? ඒකට දිනූෂාගෙන් ලැබුණු උත්තරය තමයි මේ.
“මමත් අහලා තියෙනවා සමහර මිනිස්සු ඔය කතාව කියනවා. ඒත්
උතුරන්නම සල්ලි තිබිලත් සතුටින් නැති මිනිස්සුත් ඕනතරම් අපි අතරේ
ඉන්නවා. ඒ නිසා මගේ මතය නම් සතුටින් ඉන්න සල්ලි අත්‍යවශ්‍ය දෙයක්
නෙවෙයි කියන එක.”
දිනූෂා ඉන්නේ මහරගමලු. පවුලේ ඉන්නේ අම්මයි අක්කලා දෙන්නලු. ඇගේ තාත්තා ජීවතුන් අතර නෑ. ඉතින්
ඒ සියලුදෙනා වගේම ඇයට ආදරේ කරන ආදරණීය ප්‍රේක්ෂකයිනුත් මතක් කරපු දිනූෂා කතාබහට
සමුදුන්නා. හැබැයි ඇය අවසානෙට ‘ධරණී’ කියවන කාන්තාවන් වෙනුවෙන් යමක් කියන්න අමතක කළේ නෑ.
“අපි මැරෙන මිනිස්සු. හැමදාමත් ඉන්න බලාගෙන ආපු අය නෙවෙයි. ඒක නිසා
ඉන්න ටික කාලේ සතුටින්, හිනාවෙලා ඉන්න උත්සාහ කරන්න ඕන. තව දවස්
කීපයකින් අලුත් අවුරුද්දක් එනවා. මේ ගෙවුණ අවුරුද්ද ඔබ කොයි විදියකට
ගෙවුවත් ඒ එන අලුත් අවුරුද්දට අලුත් විදියට යන්න හිතට ගන්න. ඒ
යනකොට මතක ඇතුව සතුට අරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින්
හැමෝටම ලැබුවා වූ නත්තලත්, ලබන්නා වූ අලුත් අවුරුද්දත් සුබ වෙන්න
කියලා ප්‍රාර්ථනා කරනවා.”
රුවන් එස්.සෙනවිරත්න
ඡායාරූප – චමත් ඒකනායක
ඇඳුම් – Royal Look, Maharagama
හැඩගැන්වීම – LJ Bridel Salon (Lakshan Jaburegoda)
පසුතලය – සෝලිස් හොටෙල්, පිටකෝට්ටේ