23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා පත්කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා පත්කර තිබේ.
අද (31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන අතර රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා 2019 ජනවාරි 01වනදා සිට එම ධුරයේ කටයුතු කරීමට සුදානම්ය.