24ක් තුළ යානා 11කින් 728ක් දිවයිනට
අද (15) උදෑසන 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ මගී ගුවන් යානා 11කින් 728දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
එලෙස පැමිණි අය අතර කටාර් රාජ්‍යයේ සිට 316දෙනෙකු ගුවන් යානා දෙකකින් පැමිණ ඇත.
ඔවුන් සියලුදෙනා නිරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝල් වෙත රැගෙන ගොස් තිබුණි.
එමෙන්ම අදාළ කාලසීමාව තුළ මගීන් 924දෙනෙකු ගුවන් යානා 12කින් කටුනායක ගුවන් තොටුපළෙන් විදෙස් රටවල් බලා පිටත්ව ගොස් ඇත.
ගුවන් යානා දෙකකින් මගීන් 348දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව ගිය බව අප වාර්තාකරු සදහන් කරයි.
ඊට අමතරව ඇමෙරිකාව, එංගලන්තය ඇතුළු තවත් රටවල් කිහිපයකින් විදෙස් සංචාරකයින් සියයකට වැඩි පිරිසක් මෙරට සංචාරය කිරීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.