“මට දුකක් දැනුණම මම කරන්නේ වලාකුළු එක්ක කතා කරන එක…”
දිගු වරලස නිසාම ප්‍රේක්ෂක ආදරය දිනාගත්තු රංගන ශිල්පිනියන් අපේ රටේ ඕනෑතරම් ඉන්නවා. මෑතකදී රංගනයට පිවිසුණු ඉෂිනි විජේසිංහත් ඒ අතර එක්කෙනෙක්. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන ප්‍රේම රස්තියාදුව ටෙලිනාට්‍යයෙන් ප්‍රේක්ෂකයන්ට සමීපවන ඇය කාලයක් ජානු ටෙලිනාට්‍යයේ නෝරා වලාකුළු චරිතයෙනුත් දකින්න ලැබුණා. මේ වෙද්දි ටෙලිතිරය හැරුනම ගීත රූපරචනා හරහාත් දකින්න ලැබෙන ඇය සමඟයි අපි මෙවර කතාබහ සිදුකරන්න හිතුවේ.
*ඉතිං ඉෂිනි මේ දවස්වල අලුත් වැඩ මොනවද?
මේ දිනවල නම් ස්වර්ණවාහිනියේ විකාශනය ප්‍රේම රස්තියාදුව ටෙලිනාට්‍යයේ රූගතකිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. මම ඒ ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායකවෙන්නේ ඇනාගේ චරිතයටයි.
*ඇනාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ලැබෙන ඒ හැම ප්‍රතිචාරයක්ම හරිම සතුටින් භාරගන්නවා.
*මෑතකදී ගීත රූපරචනාවලට සම්බන්ධ වුණේ නැද්ද?
මෑතකදී නම් නැහැ. හැබැයි මීට මාස දෙකකට කලින් ප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු වෙන ඩිලූ බීට්ස්ගේ (ඩිලූප) බලපන් සෝබනී ගීතයේ රූපරචනයට සම්බන්ධ වුණා.
*ඉෂිනිව වැඩිපුරම දකින්න ලැබෙන්නේ ඩිලූ බීට්ස්ගේ රූපරචනා හරහායි. ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
එහෙම විශේෂ හේතුවක් නම් නැහැ.
*එතකොට ඔබ වලාකුළුවලට ගොඩක් කැමතියි කියන කතාව ඇත්තක්ද?
ඔව් මම වලාකුළුවලට ගොඩක් කැමතියි වගේම ගොඩක් ආදරෙයි. වලාකුළු කියන්නේ යාළුවෙක් තරමට මට ගොඩක් සමීප දෙයක්. මොකද මට දුකක් දැනුණම මම කරන්නේ වලාකුළු එක්ක කතා කරන එක. ඒක නිසා ගොඩක් අය වලාකුළු කියන නමින් පවා මට කතා කරනවා. මමත් ඒ නමට ගොඩක් ආසයි. ඒ නිසා මම ලියපු නවකතාවේ ප්‍රධාන චරිතයේ නම විදියට දැම්මේත් වලාකුළු.
*ඒ කියන්නේ ඔබ ලේඛිකාවක්?
ඔව් මම මේ වෙද්දී නවකතා කිහිපයක්ම එළිදක්වලා තියෙනවා. වේදනා, විලාප, කාලයාත්‍රා කියන්නේ එහෙම එළිදැක්වුණ පොත් අතරින් කිහිපයක්. මේ වසරෙත් පොත් කිහිපයක්ම එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
*ඉෂිනි අතින් ලියැවුණු පොතක් දවසක ටෙලිනාට්‍යයක් විදියට එළිදක්වන්න අවස්ථාව ලැබුණොත්?
මට එහෙම ආරාධනා කිහිපයක් නම් ලැබුණා. ඒත් මම හිතනවා නවකතාව නවකතාවක් විදියට තියෙනකොටයි ඒකෙ නියම රසය තියෙන්නේ කියලා.
*රංගනයට අවතීර්ණ වුණ විදියත් මතක් කරමුද?
මම රංගනයට අවතීර්ණ වීමට ගොඩක්ම බලපෑවේ 2023 වසරේ ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරිය තරඟය. ඒ තරඟයෙන් අවසන් 12දෙනා අතරට තේරීපත්වෙන්න මට පුළුවන් වුණා. ඒ හරහා තමයි රංගනයට පිවිසෙන්න අවස්ථාව උදාවුණේ.
*ඒ අවස්ථාව ඔබට ලැබෙන්න ඔබේ දිගු වරලසත් හේතුවක් වෙන්න ඇති?
ඔව් ඒකත් හේතුවක් වෙන්න ඇති.
*ඒ වගේ දිගු වරලසක් ලබන්න විශේෂ රහසක් තියෙනවද?
විශේෂ රහසක් නම් නැහැ. තරුණ කාලේදී මගේ අම්මාගේ කොණ්ඩෙත් මේ විදියටම ගොඩක් දිගයි. ඒ නිසා මට තියෙන්නේ ආරෙට ලැබුණ කොණ්ඩයක්. ඉතිං ඒ ලැබුණ කොණ්ඩෙට මම විශේෂ සාත්තුවක් විදියට කරන්නේ තෙල් සත්කාර තමයි.
*පවුලේ විස්තර ගැන කිව්වොත්?
මගේ පවුලේ ඉන්නේ මම, අම්මා, අක්කා සහ ආච්චි.
*ඉෂිනි ආදරය දකින්නේ කොහොමද?
ඒක විස්තර කරන්න බැරි දෙයක්. මොකද එක එක කාලවලදී ආදරය කියන දේ දැනෙන්නෙ එක එක විදියටයි.
*ඔබත් එහෙම ආදරයක් විඳින කෙනෙක්ද?
මම හිතනවා මමත් මේ වෙද්දී ආදරය විඳින කෙනෙක් කියලා.
නෙත්මි තෂාරා