තෙමස් බිළිඳිය අලෙවි කර මත් වූ අඹුසැමි යුවළ
තෙමසක් වයසැති කුඩා බිළිඳියක් රුපියල් ලක්ෂ 7කට අලෙවි කර, එම මුදල්වලින් මත්කුඩු පානය කළ අඹුසැමි යුවළක් කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුරුණෑගල නගරයේ නීතිඥවරයකු මාර්ගයෙන් ලිපියක් යොමුකර අදාළ බිළිඳිය අනුරාධපුර ප්‍රදේශයේ යුවළකට අලෙවි කර ඇති බවට අනාවරණ වී ඇත.
මත් ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කාන්තාවගේ බෑගයේ තිබී කුඩා දරුවකුගේ ගවුමක් හමුවීමෙන් ඒ පිළිබඳව සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම හසුවී තිබෙනවා.
බිළිඳිය අලෙවි කළ මුදලින් සැකකාර අඹුසැමි යුවළ රුපියල් 30,000 මත්කුඩු මිලට ගෙන ඉතිරි 6,70,000 මුදල බැංකුවේ තැන්පත් කර ඇති බවට මූලික පරික්ෂණවලින් අනාවරණය වි ඇත.