News

304 වැනි ආසාදිතයා පිළියන්දල මාළු වෙළෙන්දෙක්

මෙරටදි කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගත් 304 වැනි ආසාදිතයා පිලියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඔහු කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ මතු කිරීමෙන් අනතුරුව අද සවස කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව සිදු කළ පරීක්ෂණ වලදී ආසාදිතයෙකු බව අනාවරණය වී තිබේ.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සදහන් කළේ අද (20) පස්වරුවේ එම පුද්ගලයා අයිඩිඑච් රෝහලට ඇතුලත් කළ බවයි.

අද දිනය තුළ හඳුනාගත් ආසාදිතයන් තිස් තුන්දෙනා සමඟ මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 304 ක්.