පූජිත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ.
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව තෙවන දිනට අද (06) රැස්විමට නියමිතව තිබේ.
ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු අද(06) කාරක සභාවට කැඳවා තිබුණි.
මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමුවරට පසුගිය 29 වනදා රැස්වූ අතර එහිදී ආරක්ෂක ලේකම්වරයා සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීයා සාක්ෂි ලබා දුන්නේය.
