Latest News

“මේ දේට කිසිම කෙනෙක් වග කියන්න ඕනී නැහැ ” – සිය දිවි නසා ගත් කෞශල්‍යා අවසන් වරට කියූ දේ

මෙරට මීටර් 400 කාන්තා කඩුලු පැනීමේ ශූරිය වූ කෞශල්‍යා මධුශානි සිය දිවි හානි කරගෙන තිබෙනවා.

25 හැවිරිදි ඇය, දුම්මලසූරිය, තෝරබිත්තිය, පඩිවෙල පිහිටි සිය නිවසේදී ගෙළ වැළලා ගනිමින් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

ඇය විසින් මෙලෙස ගෙළ වැළලා ගැනීමට පෙර ලිපියක් ලියා තිබෙනවා.

අදාළ ලිපිය මගින් ඇය සඳහන් කර ඇත්තේ, ” මේක මගෙ කැමැත්ත. මේ දෙයට වෙන කිසිම කෙනෙක් වගකිය යුතු නැහැ. මගේ ජීවිතය ගැන මා විසින් ගත් තීරණය ගැන පරීක්ෂණ කිරීමටත් වගකිව යුත්තන් සෙවීමටවත් අවශ්‍ය නොවන අතර මා ගැන මම වගකීම ගන්නම්” යනුවෙන්.

කෞශල්‍යා මධුශානි ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ජාතික තලයේ මළල ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසුණා.

පසුගිය දා පැවති 100 වන ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී කෞශල්‍යා මධුශානි කාන්තා මීටර් 400 කඩුළු පැනීමේ ඉසව්ව තත්ත්පර 58.73ක කාලයක් සටහන් කරමින් ජයග්‍රහණය කර තිබුණා.