හෙට සිට රාජ්‍ය ආයතනවල වැඩ නවතී
මෙම සතියේ සියලුම රාජ්‍ය ආයතන සහ විශ්වවිද්‍යාල වැඩකටයුතු අඩාළ වීමේ අවදානමක් මතුව තිබේ.
රාජ්‍ය පරිපාලන නිලධාරීන්, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් හා අලුතෙන් බඳවාගත් උපාධිධාරීන් යන කාණ්ඩ තුනටම බලපාන වැටුප් ප්‍රශ්නයක් මීට මූලික වී තිබේ.
එම තත්ත්වය මත සියලුම රාජ්‍ය, සංස්ථා, කාර්යාල සේම විශ්වවිද්‍යාලවල වැඩකටයුතු අඩාළ වී එහි කාර්ය මණ්ඩලය කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන දැඩි විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
රාජකාරිවලට දේශපාලන බලපෑම් හා තනතුරුවලට දේශපාලන බලපෑමෙන් පුද්ගලයන් පත් කිරීමට සහ වැටුප් විෂමතාව අවසන් කිරීම සඳහා පත් කළ අනු කමිටු වාර්තාව කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා පැය 48 ක වෘත්තීය ක්‍රියාමාර්ගයක් පසුගිය සතියේ සිට ආරම්භ කළ බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා පැවසීය.
මෙම අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඇමැති අනු කමිටු වාර්තාව ඉදිරිපත් නොකළහොත් එදින සවස විධායක සභාවේ දිස්ත්‍රික් නියෝජිතයන් කැඳවා බදාදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.
මෙම තත්ත්වය මත හෙට සිට රාජ්‍ය ආයතනවල නිලධාරින් වෙනත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතන මගින් පවත්වන දේශපාලනඥයන් සහභාගිවන රැස්වීම්වලට සහභාගි නොවීමටත්, ‘‘ශ්‍රම ශක්ති’’, ‘‘රට වෙනුවෙන් එකට සිටිමු’’ එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘති රාජකාරිවලින් සහ සමෘද්ධි රාජකාරිවලින් ඉවත්වීමට එම සංගමය තීරණය කර ඇත. මෙම තත්ත්වය සිය ‘ගම්පෙරළිය’ වැඩසටහනට ඍජු බලපෑම්ද එල්ල වී ඇත. ඒ අනුව රටපුරා සිටින පරිපාලන නිලධාරින් 2400 ක් පමණ සේවයෙන් ඉවත් වේ.
මීට අමතරව විශ්වවිද්‍යාල පහළොවක් උසස් අධ්‍යාපන ආයතන දාසයක සේවය කරන අනධ්‍යයන සේවකයන් දාසය දහසක් පසුගිය සතියේ අඟහරුවාදා (10 වැනිදා) ආරම්භ කරන අඛණ්ඩ වැඩවර්ජනය මේ සතියේ සිට තීව්ර කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත පැවසීය. රාජ්‍ය සේවකයෝ හා රාජ්‍ය සංස්ථාවල වැටුප් 2020 වන විට වැඩිවීම, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ටද ලබාදෙන ලෙස ඉල්ලා මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත. මෙම ඉල්ලීම් සඳහා නිසි පිළිතුරක් නොලැබුණහොත් ලබන බදාදා සිට සිය ක්‍රියාමාර්ග තීව්රකරන බව ඔහු පැවසීය. ඒ අනුව මෙම බදාදා සිය සාමාජිකයන් කොළඹට කැඳවා දැවැන්ත විරෝධතාවක් සිදු කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර පසුගිය මාසයේ රාජ්‍ය සේවයට පුහුනු අභ්‍යාසලාභී නිලධාරින් ලෙස බඳවාගත් උපාධිධාරීන් දහසය දහස් අටසියයට (16800) ගෙවිය යුතු රුපියල් විසිදහසක මාසික දීමනාව ගෙවා නොමැත. සෑම මසකම මුල් සතියේ එම දීමනාව ගෙවිය යුතු බව සංවර්ධන නිලධාරි සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි පැවසීය.
ඒ සම්බන්ධයෙන් මුදල් හා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරුන් හමුවී සාකච්ඡා කර විසඳුමක් නොලැබුණහොත් දැඩි ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ඔහු පැවසීය.
චමින්ද සේනාරත්න
