කඩු, කිණිසි සහ උල් පිහි භාර දීමට තිබු කාලය පැය 48කින් දීර්ඝ කරයි
කඩු, කිණිසි, උල් පිහි, හමුදා හා පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් පොලීසියට භාර දීමට ලබා දී තිබූ කාලය තවත් පැය 48කින් දීර්ඝ කර ඇත.
ඇතැම් ස්ථානවල සහ නිවෙස්වල ඇති කඩු, කිණිසි සහ උල්පිහි ආදිය පොලිස් ස්ථාන වෙත භාරදීමට ලබාදී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබුණු අතර පොලිස් මූලස්ථානය සඳහන් කලේ එම කාලය අද මධ්‍යම රාත්‍රී 12 සිට තවත් පැය 48 කින් දීර්ඝ කර ඇති බවය.
ඒ පිළිබඳව සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.