5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන සතියේ
මෙවර පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් සනත්. බි. පූජිත මහතා ප්‍රකාශ කළේ එම ප්‍රතිඵල අධ්‍යාපන අමාත්‍යංශයට හා පාසල්වලට යොමු කරන බවයි.
මෙවර පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත් කළ අයැදුම්පත් සංඛ්‍යාව 20,000 කට අධික බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.