5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද නිකුත් කෙරේ
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත් වූ අභියාචනා ප්‍රතිඵල අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා පැවසුවේ ප්‍රතිඵල ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දී ඇති බවයි.
අද එම ප්‍රතිඵල ලේඛනය විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ පළ කිරීමට නියමිතයි.
එම ප්‍රතිඵල ලේඛන මෙම සතිය තුළ පාසල්වලට තැපැල් කිරීමට කටයුතු යොදා ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළා.
මෙම වසරේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නැවත සමික්ෂණය සඳහා ඉදිරිපත් තිබු අභියාචනා සංඛ්‍යාව 35000 කට අධිකයි.