Latest News

කොරෝනා වෛරසය සක්‍රීයව පවතින්නේ දවස් 5ක් පමණයි

කොරෝනා වෛරස ආසාදිතයකු තුළ වෛරසය සක්‍රීය ව පවතින්නේ, දින 5ක් පමණක් බවට නවතම පරීක්ෂණ මගින් හෙළි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මෙම කොවිඩ් 19 වෛරසයේ නොයෙක් ප්‍රභේද ලොව පුරා ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ, ඒ ඒ වෛරසවල බලපෑම පිළිබඳ විවිධ මට්ටමෙන් පර්යේෂණ සිදු කරනු ලැබුවා.

ඒ අනුව ආසාදිතයින්ට සිදු වන බලපෑම වෛරසයේ ආයු කාලය ආදී බොහෝ කරුණු පිළිබඳ අනාවරණය කරගැනීමට වෛද්‍ය පර්යේෂකයින් සමත්ව තිබෙනවා.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 1,263ක් ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව 623,248ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,692ක්.

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 36ක්.