News

නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනෙකු මරුට

නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අතර ගැහැණු ළමයෙකු සහ කාන්තාවක් සිටින බව පොලීසිය සඳහන් කළේය.

පවතින වර්ෂාවත් සමග පස්කඳු කඩා වැටීම් සහ නාය යෑම් ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවට දැනුම් දෙයි.