හිටපු ආණ්ඩුකාරවරුන්ට තවදුරටත් ඇමැති ආරක්ෂාව
පසුගිය රජය සමයේ පත්කර තිබූ පළාත් ආණ්ඩුකාරවරුන්ට තවදුරටත් ඇමැති ආරක්ෂාව ලබා දී ඇති බව වාර්තාවේ.
පසුගිය රජය සමයේ අවස්ථා ගණනකදී මාරුකරන ලද හිටපු ආණ්ඩුකාරවරුන්ට මෙසේ දිගටම ඇමැති ආරක්ෂාව ලබා දී ඇත.
ඒ අනුව හිටපු ආණ්ඩුකාරවරුන්ට ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනකු තවදුරටත් ආරක්ෂාව සපයන බව එම ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන අවස්ථා ගණනකදී පළාත් ආණ්ඩුකාරවරුන් මාරු කිරීම්, ඉවත් කිරීම් සිදුකළ අතර වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ පසු ,පසුගිය ආණ්ඩුව සමයේ සිටි ආණ්ඩුකාරවරුන් ඉවත්කර නව ආණ්ඩුකාරවරුන් පත් කළේය. බස්නාහිර හිටපු ආණ්ඩුකාර ඒ. එම්. මුසම්මිල් පමණක් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කෙරුණි.
චමින්ද සේනාරත්න
