සය නිවුන් දරුවන්ගේ ඕනෑම දෙයකට මැදිහත් වෙනවා – ශිරන්ති කියයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට උපත ලැබූ සය නිවුන් දරුවන් සහ ඔවුන්ගේ මවගේ සුව දුක් විමසා බැලීමට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ නයින්වේලස් පෞද්ගලික රෝහලට ඊයේ (25) පස්වරුවේ පැමිණ තිබෙනවා.
පසුගිය (21) වැනිදා අලුයම දිලිනි වාසනා සහ ප්‍රභාත් උදයංග මරවනාගොඩ දෙමාපියන් දාව සය නිවුන් දරුවන් මෙලොව එළිය දුටු අතර ඔවුන් අතර පිරිමි දරුවෝ තිදෙනෙකු හා ගැහැණු දරුවෝ තිදෙනෙක් සිටිනවා.
සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසූ අග්‍රාමාත්‍ය ආර්යාව අනතුරුව ඔවුන්ගේ මාපියන් සමඟ සුහඳ කතාබහක නිරත වූ අතර දරුවන් සහ මාපියන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමීද සිදුකරනු ලැබුවා.
අග්‍රාමාත්‍ය ආර්යාව විසින් ඉදිරියේ දී, ඔවුන් වෙනුවෙන් අවශ්‍ය ඕනෑම කටයුත්තක් වෙනුවෙන් මැදිහත් වන බව දැනුම් දී තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා නයින්වේල්ස් රෝහලේ කළමණාකාර අධ්යක්ෂ තියෝ ෆනෑන්ඩො මහතා ද එක්ව සිටියා.