Latest News

ඉන්දීය ඖෂධ පැණි 4ක් භාවිතයෙන් දරුවන් 66ක් මරුට

ඉන්දියාවේ මේඩන් ෆාමසුටිකල් (Maiden Pharmaceuticals) නැමති සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරිනු ලද කැස්ස සහ උණ සඳහා ලබාදෙන සිරප් වර්ග 04 ක් පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

එම සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන සිරප් වර්ග පානය කිරීම හේතුවෙන් ගැම්බියාවේ ළමයින් 66 දෙනෙකු මරණයට පත්ව ඇති බවට තිබෙන සැකය මත අදාළ අනතුරු ඇඟවීම සිදුකරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ටිවිටර් නිවේදනයක් සිදු කළා.

දිළිදු රාජ්‍යයක් වන ගැම්බියාවේ වැසියන්ට බහුලව ලැබෙන්නේ ඉන්දියාව නිපදවන ඖෂධ වර්ග වනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කලේ, Promethazine Oral Solution, Kofexmalin Baby Cough Syrup, Makoff Baby Cough Syrup සහ Magrip N Cold Syrup යනු එම සිරප් වර්ග 4 බවයි.

මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පැවැත්වවීමට පියවර ගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසා තිබෙනවා.

සිරප් වර්ග භාවිතයට ගත් කුඩා දරුවන් මියගොස් ඇත්තේ, වකුගඩු අකර්මණ්‍ය වීමෙන් යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.