ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට මගීන් රැගෙන ඒම තාවකාලිකව අත්හිටුවයි
ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයෙන් පැමිණෙන මගීන් මෙරටට ඇතුළුවීම හෙට (14) සිට සති දෙකක කාලයක් අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
ඒ අනුව රජය විසින් සියලු ගුවන් සමාගම්වලට දැනුම් දී ඇත.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි මහතා සඳහන් කළේ හෙට (14) සිට සති 2ක කාලයක් මෙම අත්හිටුවීම බලාත්මක බවයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබේ.
