71 වෙනි නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා මාලදිවයිනේ ජනපති
පෙබරවාරි 04 දා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයිනේ නව ජනපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි එක්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ආරාධනාව මාලදිවයින් ජනපතිවරයා විසින් පිළිගෙන ඇති අතර ඔහු පෙබරවාරි 03 දා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.
මාලදිවයින් ජනපතිවරයා ධූරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට එක වන පළමු නිල සංචාරය මෙය වෙයි.