News

1 ශ්‍රේණියේ දැරියන් අපයෝජනය කළ ටියුෂන් ගුරාට දුන් දඬුවම

 

උපකාරක පන්තියක් සඳහා සහභාගී වු 1 ශ්‍රේණියේ පාසල් දැරියන් සිව්දෙනෙක් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් සැකපිට උපකාර පන්ති ගුරුවරයෙක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් කිරම, රම්මල ප්‍රදේශයෙන් ඊයේ (24) දිනයේ දී වාර්තාවේ.

සිසුවියන් පිරිස පන්තියට සහභාගී වු විට ගුරුවරුයා විසින් අපයෝජනයට ලක්කර ඇති අතර, එම දැරියන් විසින් දෙමව්පියන්ට මේ බව පවසා ඇත.

ගුරුවරයා පන්ති පවත්වන ස්ථානයට පැමිණි දෙමාපියන් ඔහුට පහර දී පසුව කාමරය තුළ සිරකර පුටුවක ගැට ගසා තිබේ.

දරුවන් අපයෝජනයට ලක්කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් ද ගුරුවරයාගේ දුරකථනයේ තිබී දෙමව්පියන් සොයා ගෙන තිබේ.

පසුව පොලීසිය විසින් ගුරුවරුයා අත්අඩංගුවට ගෙන වලස්මුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

අපයෝජනයට ලක්වුවා යයි පැවසෙන දැරියන් සිව්දෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇත.

36 හැවිරිදි සැකකාර ගුරුවරයා අඟුණුකොළපැලැස්ස, හැළේකඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. ඔහු අද (25) වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.