අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන ලකුණු
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24 ක කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන ලකුණු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් මස 15 වනදා වන විට තමිල්-නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි දැනට අනුමාන කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
ඒ හේතුවෙන් එම කාලය තුලදී හම්බන්තොට සිට පොතුවිල්, මඩකලපුව සහත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතිනවා.
හම්බන්තොට සිට පොතුවිල්, මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතුවල දෙසැම්බර් මස 15 දක්වා නොයෙදෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබෙනවා.