මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පනී
මරදාන දුම්රිය ස්ථානයේදි අද උදෑසන දුම්රියක් පිලී පැනීමකට ලක්ව තිබෙනවා.
එම දුම්රිය ස්ථානයේ 6 වැනි සහ 7 වැනි වේදිකා අතර දුම්රිය මාර්ගයේදී දුම්රියක් පීලි පැන ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අද උදෑසන 8.15ට පමණ සිදුවූ මෙම දුම්රිය පීලි පැනීම හේතුවෙන් කිසිවකුට හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.
මෙම පීලි පැනීම හේතුවෙන් දුම්රිය කිහිපයක් සුළු වේලාවක ප්‍රමාදයක් සිදුව ඇති අතර, මේ වන විට එය යථා තත්ත්වයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.