News

එගොඩඋයන ලී මඩුවක් හදිසියේ ගිනිගනී

එගොඩඋයන පොලිස් වසමේ මෝදර ප්‍රදේශයේ ලී මඩුවක හදිසි ගින්නක් හටගෙන තිබේ.

එගොඩඋයන පොලීසියට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ මොරටුව නගර සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මේ වන විට ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් එගොඩඋය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.