News

update – දිවුලපිටියට සහ මිනුවන්ගොඩට පොලිස් ඇඳිරි නීතිය

මේ වන විට දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පිරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන තිබෙන බව සඳහන් වනවා.

ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19 ආසාදිත වූ කාන්තාවක් සොයා ගැනීම නිසා මෙම පියවර ගෙන ඇත.

මේ අතර මීට සුළු මොහොතකට පෙර දැනුම් දී තිබුණේ, ගම්පහ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා ඇති බවකි.

මෙම ගම්මාන ඉදිරියේ දී හුදකලා කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කරනවා.