News

අගෝස්තුවේ කුඩු වැටලීම්වලින් 15,602ක් අත්අඩංගුවට

පසුගිය අගෝස්තු මස තුළ දිවයින පුරා සිදුකළ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම්වලදී සැකකරුවන් 15,602ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබූ හෙරොයින් කිලෝ 49යි ග්‍රෑම් 82ක් පොලිසිය භාරයට ගෙන ඇත.

ඊට අමතරව ගංජා කිලෝ 901ක් හා අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 145ක්ද මෙම මෙහෙයුම්වලදී සොයාගෙන තිබේ.

නීතිවිරෝධී ගිනි අවි 422ක් සමග සැකකරුවන් 273 දෙනෙක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත. එසේම පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 16ක්ද, නීතිවිරෝධී මත්පැන් ලීටර් 131233ක් සමග සැකකරුවන් 10482 දෙනෙක්ද, වරෙන්තුකරුවන් 12883 දෙනෙක්ද, වෙනත් වැරදි සම්බන්ධයෙන් 25644 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

හේමන්ත ලියනපතිරණ