News

ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ P.C.R පරීක්ෂණ ඇරඹේ

 

දිවුලපිටියේ කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ P.C.R පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගැනීම අද (05) උදෑසන ආරම්භ කර ඇත.

ඒ අනුව, කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම සේවකයින්ගේ පරීක්ෂණ කටයුතු අද දිනය (05) තුළ සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත රත්නායක මහතා සඳහන් කරනවා.

මෙම කර්මාන්ත ශාලාවේ 1400කට අධික සේවකයින්ගේ පීසීආර් පරීක්ෂණ කරනු ලබනවා.

මෙහිදී නිවෙස්වලට ගොස් නිරෝධායනය වෙමින් සිටින අය මෙම ස්ථානයට ගෙනැවිත් කොටස් වශයෙන් P.C.R පරීක්ෂණ සිදුකරනු ලබනවා.

අනතුරුව ඔවුන්ව ආරක්ෂිතව නිවෙස් නිරෝධායනය සඳහා නිවසටම රැගෙන යාම සිදුකරනු ලැබීමට නියමිතයි.