යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පුද්ගලයෙකු ඝාතනය කර පළා යයි
සපුගස්කන්ද ගල්වල හන්දියේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන දෙදෙනෙකු විසින් මාර්ගය අසල සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇත.
තුවාල ලැබූ පුද්ගලයා බරපතල තත්වයෙන් කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මරණකරු ධනුෂ්ක සංජිව නමැති වයස අවුරුදු 35ක මාකොළ පදිංචිකරුවෙකු වන අතර ඝාතනය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.