News

වතුර

කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම නවතන්න තීරණයක්

 

කළුතර අල්විස් පෙදෙස ජලාශ පරිශ්‍රයේ විදුලි බලය අත්හිටුවිමට සිදුවිම හේතුවෙන් 8 වන බ්‍රහස්පතින්දා දින පෙ.ව 8.00 සිට ප.ව 7.00 දක්වා පැය 11ක කාලයක් පහත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවිමට තිරණය කර තිබේ.

මේ අනුව වාද්දුව,වස්කඩුව,පොතුපිටිය,කළුතර (දකුණ) ,නාගොඩ යන ප්‍රදේශයන්හි මෙම ජල සැපයුම අත්හිටුවනු ඇති.

තවද ජලය භාවිතා කිරීමේදී අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙනු ලබනවා.