News

හෙරොයින් ප්‍රවාහනය කරන ලද ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ නිවසින් රු. ලක්ෂ 59ක් සහ සැටලයිට් දුරකථන 02ක්

බේරුවල ප්‍රදේශයේදී රුපියල් මිලියන 2778ක් වටිනා ‌හෙරොයින් කිලෝ 231යි ග්‍රෑම් 54ක් අත්අඩංගුවට ගැනීමට අදාළව එම හෙරොයින් ප්‍රවාහනය කරන ලද ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ නිවස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

එහිදී රුපියල් ලක්ෂ 59ක මුදලක් සහ සැටලයිට් දුරකථන 02ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

එම මුදල හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද බවට සැකකරන බවයි පොලීසිය පවසන්නේ.

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.