News

ලක්ෂ 3ක අල්ලස් ගත් උප පොලිස් පරීක්‍ෂක මාට්ටු

නඩුවක විත්තිකරුවෙකු රජයේ සාක්කිකරුවකු කර දෙන ලෙසට සහ තවත් නඩුවක් ඉවත් කර දෙන ලෙස පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 3 ක අල්ලස් මුදලක් ලබා ගත් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අද දින (6) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විමර්ශන ඒකකයේ බණ්ඩාරවෙල ඒකකයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙක්.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා බණ්ඩාරවෙල අධිකරණ භූමියේ ආපන ශාලාවේ දී මුදල් ලබා ගෙන ඇත. එම අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවා.