News

අපේ 1394කට P.C.R කළා – බ්‍රැන්ඩික්ස්

සිය මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ සේවකයන් 1394ක් 2020 ඔක්තෝබර් 05 වැනිදා වනවිට කොවිඩ් -19 සඳහා පරීක්ෂාවට ලක්කර ඇති බවත් ඉන් 567 දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවත් බ්‍රැන්ඩික්ස් ආයතනය ප්‍රකාශ කරයි. මෙම ක්‍රියාවලිය පුරාම තම පාර්ශ්වය මුහුණදුන් කනගාටුදායක අභියෝගයක් වන්නේ මෙලෙස ආසාදනය වූ සේවකයන්ගෙන් බහුතරයකටම කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම හෝ නොමැතිවීම බවද බ්‍රැන්ඩික්ස් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

‘අපි දිගටම අදාළ බලධාරීන් සමග සම්බන්ධ වී සිටිනවා. පීඩාවට පත්වූවන්ගේ පවුලේ සාමාජිකයන් සමග සමීප සබඳතා පැවැත්වූවත් නිරෝධායන මධ්‍යස්ථාන වෙත මාරු කිරීමේදී ඔවුන්ගේ රැකවරණය පිළිබඳව සොයා බැලීමට අපි උපරිමයෙන් කටයුතු කරනවා. ඔවුන් එහි රැඳී සිටින කාලයේ සුවපහසුව ලබාදීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව බ්‍රැන්ඩික්ස් ආයතනය කියයි.

නයන තරංග ගමගේ