දිගටම චෝදනා කළොත් පොදුජන පෙරමුණ තමන්ට ලබාදෙන්නට හැදුදේ හෙළිකරන බව TNA කියයි
එ.ජා.පය සමඟ රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් පොදුජන පෙරමුණ තමන්ට ලබා දීමට එකඟත්වය පළ කළ දේවල් ප්රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය කියයි.
එම්.ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේ රනිල් වික්රමසිංහ මහතාට අගමැති වීමට දෙමළ ජාතික සන්ධානයේ සහය පළ කලේ කිසිදු ගිවිසුමකින් තොරව බවයි
ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ගත් පියවර හෑල්ලූවට ලක් කරමින් එක්සත් ජාතික පෙරමුණ සමඟ රහස් ගිවිසුම් ඇති බවට දිගින් දිගටම චෝදනා කිරීම දිගටම ක්රියාත්මක වුවහොත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ප්රමුඛ පොදුජන පෙරමුණේ දේශපාලන නායකයින් ඔවුන් සමඟ සාකච්ඡා කර ලබා දීමට එකඟත්වය පල කළ දේවල්ද ප්රසිද්ධියට පත් කරන බව සුමන්තිරන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.