News

බ්‍රැන්ඩික්ස් සේවකයන්ට පොලිස් නියෝගයක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට මේ වනවිට නියෝගයක් නිකුත් කර ඇත. අද සවස 4ට පෙර වාර්ථා කළයුතු ස්ථාන 14ක් ලබා දී ඇත.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ගම්පහ ප්‍රදේශයේ පදිංචි හෝ නවාතැන් ගෙන සිටින සියලුමදෙනා වෙත මෙම නිරෝධායන නියෝගය නිකුත් කර ඇත.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ නියෝගයට අනුව එම ආයතනයේ සියලුම සේවක සේවිකාවන් කටයුතු කළ යුතු බවයි.

ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණය
ගනේමුල්ල පොලිස් ස්ථානය ඉදිරිපිට
මිනුවන්ගොඩ යකහටුව හන්දිය
වේයන්ගොඩ පොලිස් ස්ථාන ක්‍රීඩාංගණය
නිට්ටඹුව අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
පල්ලෙවෙල තැපැල් කන්තෝරුව අසල
මීරිගම ප්‍රධාන බස්නැවතුම්පොළ
වීරගුල පොලිස් ස්ථානය ඉදිරිපිට
යක්කල මිරිස්වත්ත ප්‍රාදේශීය සභාව අසල
මල්වතු හිරිපිටිය නෙල්ලිගහමුල්ල ඉන්ධන පිරවුම්හළ අසල
වැලිවේරිය පොලිස් ස්ථානය අසල
කිරිඳිවැල වෑකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල
දොම්පේ පොලිස් ස්ථානය අසල
පූගොඩ පැල්පිට කණිෂ්ඨ විද්‍යාලය අසල