News

නරියෙක් ළමයෙක් ගෙනියන්න හදලා

නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටි වසරක් පමණ වයස දැරියක නරියෙකු ඩැහැ ගැනීමට තැත් කිරීමේ දී මව ක්ෂණික ව ක්‍රියාත්මක වී දැරිය බේරා ගෙන තිබේ.

වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් පලායමින් සිටි නරියා කොටුකර පහර දී මරා දමා ඇත.

නරියා විසින් දැරියගේ කකුල සපාකෑම හේතුවෙන් තුවාල ලැබූ ඇය ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහටල ඇතුලත් කර ඇත.

තුවාල ලද දැරිය සිය සොහොයුරා සහ සොහොයුරිය සමඟ නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටියදී මව මුළුතැන්ගෙයි කෑම පිසිමින් සිට ඇත.

අදාළ අවස්ථාවේදී දොර වසා නොතිබී ඇති අතර නරියා නිවස දෙසට එනු දුටු වසර 5 ක් වයසැති වැඩිමල් දරුවා මුළුතැන්ගෙට දිව ගොස් ”අම්මේ නරියෙක් වගේ එකෙක් ගෙවල් පැත්තට එනවා” මවට පැවසීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ මව නිවසේ සාලය වෙත දිවවිත් එහි සිටි දැරිය වඩා ගැනීමට සැරසීමත් සමගම නරියා එකවරම දැරියගේ දකුණු කකුල සපා කා තිබේ.