සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අද පුංචි බොරැල්ලේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා මේ බව කියා සිටියා.
මෙම විශේෂ රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනය හා අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය සම්බන්ධයෙන් අද (13) හෙට (14) දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දු අනුව ගත යුතු ඉදිරි පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බවද එස්. බී. දිසානායක මහතා කියා සිටියා.