News

ගම්පහ සංචාරේ ගිය සරසවි සිසුන් නිරෝධායනයට

යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ සිසුන් පිරිසක් ඇතුළු කාර්ය මණ්ඩලයේ 90 ක් නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.

වව්නියාව මණ්ඩපයේ කළමනාකරණ පීඨයේ පිරිසක් ගම්පහ ප්‍රදේශයේ සංචාරයක නිරත වීම හේතුවෙන් මෙලෙස ඔවුන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කොට ඇති බවට වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය දැනුම් දෙයි.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් පුංගුඩුතිව් ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් සමීප ඇසුරු කර ඇති බවට තොරතුරු ලැබීමත් සමග ඒ සිසුන් මේ දින වල වරින් වර පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කරවීමට රෝහල් කාර්ය මණ්ඩලය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.