රජයේ ප්‍රකාශන කාර්යාංශය සහ ප්‍රකාශන පියස තාවකාලිකව වැසෙයි
රටේ උද්ගතවී ඇති වාතාවරණය හේතු කොටගෙන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති රජයේ ප්‍රකාශන කාර්යාංශය තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව හෙට (09) සිට ලබන 16 වැනිදා දක්වා වූ සතියක කාලයක් ගණුදෙනු සදහා රජයේ ප්‍රකාශන කාර්යාංශය වසා තැබෙනු ඇති.
තවද රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන පියස (රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අලෙවි අංශය) නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව ගණුදෙනු සදහා වසා තැබෙනු ඇත.
