News

ගුරු දිනයදා ගුරුවරයා සිසුවියකට ගහයි

ලෝක ගුරු දිනය සැමරූ පෙරේදා (06 වැනිදා) කැකිරාව මධ්‍ය විද්‍යාලයේ ගුරුවරයෙක් ලබුනෝරුව පණ්ඩුකාභය විද්‍යාලයේ ඉගෙනුම ලබන දැරියකට සාහසික ලෙස පහරදී තිබෙනවා.

පහරකෑමට ලක්ව ඇත්තේ වයස අවුරුදු දාසයක දැරියකි. ඇය එදින සවස හතරට පමණ අමතර පන්තියකට සහභාගිවීම සඳහා නිවසේ සිට පා ගමනින් යමින් සිටියදී මෙම ගුරුවරයා සිය බිරිඳ සමග යතුරුපැදියකින් පැමිණ දැරියට පහරදී තිබේ. පසුව අසල්වාසීන් පැමිණ අමාරු තත්ත්වයේ සිටි දැරිය සුවසැරිය ගිලන් රථයකින් අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.

දැරිය මේ වන විටත් රෝහලේ ප්‍රතිකාර ලබන අතර මේ සම්බන්ධයෙන් මොරගොඩ පොලිසියට පැමිණිලි කර ඇතත් පහර දුන් ගුරුවරයාට එරෙහිව පොලිසිය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව පැවසේ.

මෙම පහරදීමෙන් දරුවාගේ ගෙල සහ පපුව ප්‍රදේශයට තුවාල සිදුවී ඇත.

ප්‍රදීප් – රණසිංහ – කැකිරාව